වකුගඩු අක්‍රීය තත්වයේ පවතින රෝගීන්ට ලබාදෙන රුධිර කාන්ද්‍රකරණ (ඩයලයිසීස්) ප්‍රතිකාරය සඳහා අයකරන ගාස්තු ඉහළ යාමෙන් රෝගීහු දැඩි පීඩාවකට පත්ව සිටී.
සිය රුධිර කාන්ද්‍රකරණ ප්‍රතිකාරය අවශ්‍ය රෝගීන් බහුතරයකට රජයේ රෝහල්වලින් ලබාදෙන ප්‍රතිකාර වාර ගණන සීමා සහිත වන අතර, බොහෝ අවස්ථාවල පෞද්ගලික රෝහල්වලින් ද එම ප්‍රතිකාරය කරගැනීමට සිදුවන බව රෝගීන් සදහන් කරයි.
මෙරට පෞද්ගලික රෝහල්වලින් ඩයලයිසීස් ප්‍රතිකාරය ලබාදීම සඳහා මේ වන විට රුපියල් 10,500ත් 11,960 ත් අතර මුදලක් වැය වන අතර, මීට පෙර ඒ සඳහා අයකෙරුණේ රුපියල් 6,000ත් 8,500ත් අතර මුදලක් බව රෝගීන් සඳහන් කරයි.
ප්‍රතිකාරය නොමැති වුවහොත් තමන්ට ජීවිතය ගැන බලාපොරොත්තු තැබීමට නොහැකි වන බැවින් මේ සඳහා සාධාරණ මැදිහත්මක් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව එම රෝගීන් සඳහන් කරයි.