මෙරට වව්නියාව තෝනික්කල් ප්රදේශයේදී ළිඳක් තුළ තිබී කාන්තා මළසිරුරක් සොයාගත් බවට වව්නියාව පොලීසිය සදහන් කළේය.
ඒ තෝනික්කල් ආලඩි මාර්ගයේ පදිංචිව සිටි අදාල කාන්තාව නිවසේ නොසිටීම හේතුවෙන් පවුලේ ඥාතීන් සහ ප්රදේශවාසීන් එක්ව සිදුකරන ලද සෝදිසියකදී ඉඩම ආසන්නයේ පිහිටි ළිඳක තිබී එම කාන්තාවගේ මළ සිරුර හමු වී ඇත.
මිය ගිය කාන්තාව ඇගේ සැමියා සමඟ ඔවුන්ගේ ළමුන් දෙදෙනාද සමගින් මීට මාස 07 කට පෙරදී ලණ්ඩන් නුවර සිටි පැමිණ වව්නියාවේ පදිංචිව සිට ඇති අතර මියයාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැත.සියදිවි හානිකරගෙන ඇතැයිද පොලීසිය සැකපල කරයි.
මිය ගොස් ඇත්තේ 30 හැවිරිදි ඉන්දුජා නැමති දෙදරු මවක් වන අතර මළසිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් වව්නියාව මහ රෝහලේ තැන්පත් කොට ඇතැයිද වව්නියාව පොලීසිය සදහන් කළේය.