ෆේස්බුක්, යු ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය සදහා නීති තද කරයි.. ජනපති නව පනතක් ගෙනෙයි.!

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග (06) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

යූ ටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට සුදානම් බව ජනාධිපතිවරයා එහිදී සදහන් කරයි.

පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය සඳහා ශ්‍රී ලංකාව තුළ නීති පැවතිය ද සමාජ මාධ්‍ය නියාමනය සඳහා එවැනි නීති රාමුවක් මෙරට තුළ නොමැති බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

එම හේතුවෙන් සිංගපූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනත තමන් ගෙන්වා ගත් බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

තවද එය අධ්‍යනය කර ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයේ නීති රාමුවක් සකස් කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා තවදුරටත් සදහන් කරයි. 

Loading

guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close