විහාරමහා දේවී උද්‍යනයේ එළවළු වගා කරන්න රෝසි සුදානම්.

මෙරට කොළඹ විහාරමහා දේවී උද්‍යානය තුළ සහ කොළඹ මහ නගර සභාවට අයත් සීමාව තුළ අක්කර 10ක පමණ භූමි ප්‍රදේශයක භෝග වගාව සිදුකිරීමට කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි.

මෙරට කොළඹ ප්‍රදේශවාසීන්ට මුහුණ දීමට සිදුව ඇති ආහාර හිගයට පිළියම් වශයෙන් මෙය සිදු කිරීමට තීරණය වී ඇති බව වාර්තා වෙයි.

මේ අයුරින් කොළඹ හිස් ඉඩම්වල භෝග වගාවන් සිදුකළහොත් මීයන් උවදුර සහ කෘමි උවදුර වර්ධනය වී වසංගත තත්ත්වයන් ඇති විය හැකි බව නිලධාරීන් පෙන්වා දී ඇත.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close