මෙරට ඉතිරි අවුරුදු දෙකහමාරක කාලයත් වත්මන් ආණ්ඩුව ස්ථිරවම ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර සදහන් කළේය.
රටේ දේශපාලනික ප්‍රශ්නය මේ වනවිට නිරාකරණය වෙමින් පවතින අතර පාර්ලිමේන්තුවේ අතිමහත් බහුතරයකින් ජනාධිපතිවරයා පත්ව සිටින බවයි අමාත්‍ය මනුෂ නානායක්කාර සදහන් කළේය.
ලෝකය ඉල්ලා සිටි දේශපාලන ස්ථාවරත්වය ද පාර්ලිමේන්තුව විසින් ලබාදී තිබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත්ව සිටින්නේද වාර පහක ජනවරමකට බව අමාත්‍යවරයා සදහන් කළේය.
මෙරට ඉතිරි අවුරුදු දෙකහමාරක කාලයද වත්මන් ආණ්ඩුවම ක්‍රියාත්මක වන බවත් ඉදිරි ඡන්දයක් පැවැත්වෙන්නේ තවත් වසර දෙක හමාරකින් පසුව බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර සදහන් කළේය.
එහෙත් මෙරට විපක්ෂය දිගින් දිගටම අවධාරණය කර සිටියේ අන්තර්වාර පාලනයකට ගොස් මාස හයක පමණ කාලයකින් පසු වහාම මැතිවරණයක් පවත්වා රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන ලෙසටයි.