මෙරට රජයේ නිලධාරින් වගකීමකින් තොරව කටයුතු කලහොත් ජනතාව මිළඟට පහරදෙන්නේ රාජ්‍ය නිලධාරීන්ට බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර සදහන් කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා පෙන්වාදෙන්නේ , පවතින තත්ත්වය නිවැරදිව අවබෝධ කරගනිමින් කටයුතු කිරීමට රාජ්‍ය නිලධාරීන් පියවර ගතයුතු බව සදහන් කර ඇත.
අර්බුදකාරී තත්ත්වය පිළිබඳව නිවැරදිව වටහා ගනිමින් ඊට මුහුණ දීමට සැලසුම් සකස් කිරීමේ දී රාජ්‍ය නිලධාරීන් මූලිකත්වය ගෙන කටයුතු කළයුතු බව කෘෂිකර්ම ලේකම්වරයා සදහන් කර ඇත.
මෙරට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව පැවති වැඩසටහනකට සහභාගී වෙමින් කෘෂිකර්ම ලේකම්වරයා මේ බව සඳහන් කර ඇත.