එරට ඉන්දියානු ණය ආධාර යටතේ පැමිණෙන අවසන් වූ ඉන්ධන නෞකාව හෙට දිනයේ මෙරටට පැමිණිමට නියමිතව ඇත.ඉන් අනතුරුව ඩීසල් හෝ පෙට්රල් නෞකාවක් පැමිණෙන දිනයක් නිශ්චිතව සඳහන් කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇත.
මෙරට ඉදිරි දින වලදී ඩීසල් හා පෙට්රල් හිගය උග්ර වනු ඇති බවත් තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග වාර්තා කරයි.දැනටමත් කිලෝමීටර් ගණන් පවතින ඩීසල් පෙට්රල් පෝලිමේ ඉදිරි දින කිහිපය අනතුරුව තවදුරටත් දීර්ඝ වනු ඇතැයි එම ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙරට තෙල් සංස්ථාව සතුව ඩීසල් මෙට්රික් ටොන් විසිදාහක් සහ පෙට්රල් මෙටි්රක් ටොන් දසදහසක් පමණ පවතී.ශ්රී ලංකාවට පැමිණි දැවි තෙල් නෞකාවකට අදාල මුදල් ගෙවීමට නොහැකිව දින විස්සක පමණ කාලයක් තිස්සේ මුහුද මුහුදේ නවත්වාගෙන සිටී.