මෙරට 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 27 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සදහන් කළේය.
මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීමෙන් සතියකට පසු විවාදයට ගැනීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව හැකියාවක් ඇත.
22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද පසුගියදා හිමිවුයේය.ඉන් අනතුරුව පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් පසුගිය ජුනි මස 24 වෙනිදා ප්‍රකාශයට පත් කළේය.
මෙම 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇති බවට තොරතුරු වාර්තා වේ.