මෙරට එළඹෙන අගෝස්තු මාසය සඳහා ඉන්ධන ගෙන්වීම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේය.
එළඹෙන අගෝස්තු මාසයට ඉන්ධන ආනයනය කිරීමට ඩොලර් මිලියන 150ක මුදලක් වත් ලබා දිය නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දන්වා ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.
ඉන්ධන ආනයනය සඳහා මසකට අවශ්‍ය කරන ඩොලර් මිලියන 550 ක පමණ මුදල සොයා ගැනීමට විකල්ප ක්‍රමවේද කරා යා යුතුව ඇතැයිද අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේය.