එරට රුසියානු ගුවන් සේවයේ ගුවන් යානාවක් මෙරට රදවා තබා ගැනීම මත ශ්‍රී ලංකාවට බරපතළ ආර්ථික අර්බුද රැසක් මතුවනු ඇතැයි දේශපාලන විචාරක දයාන් ජයතිලක මහතා සඳහන් කරයි.
මෙරටට පළමු කොටම රුසියාවෙන් පැමිණි සංචාරක ආදායමක් අහිමි වන බවද පැවසූ දයාන් ජයතිලක මහතා දෙවනුව ශ්‍රී ලංකාවට ලබාදීමට සූදානමින් ලාභදායී බොරතෙල් නැතිවණු ඇතැයි සඳහන් කරයි.
තවද රුසියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තේ ගැනුම්කරුවකු වන නිසා එම වෙළඳ පළටද බලපෑමක් එල්ලවනු ඇතැයි ද දයාන් ජයතිලක මහතා සදහන් කරයි.
අති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා විදේශ අමාත්‍ය හා රැස්වී තීන්දුවක් ගත යුතුව ඇතැයිද හෙතෙම සදහන් කරයි.