මෙරට අද (01) අලුයම ගාලුමුවදොර මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සදහන් කළේය.
මෙම මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 40ක් පමණ වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.මෙම මළ සිරුර හඳුනාගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.