මෙරට රසායනික පොහොර තහනම පැනවීමට පෙර මෙරට වාර්ෂික සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 24 ක් ලෙස පැවති නමුත් මේ වනවිට එය මෙට්‍රික් ටොන් 16 ක් දක්වා අඩු වී ඇති බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.
මෙරට දැවැන්ත ආහාර හිගයකට මුහුණ දී සිටින බව පෙන්වා දෙන වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ යුක්රේන අර්බුදය හේතුවෙන් ආහාර හිගය තවදුරටත් තීව්‍ර වූ බවය.
මෙරට එළඹෙන මහ කන්නය සඳහා රසායනික පොහොර ආනයනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් අවශ්‍ය බවත්, මේ වනවිට මිලියන 300 ක් සොය ගැනීමට හැකි වී ඇති බවත් රනිල් වික්‍රමසිංහ සදහන් කළේය.
වසරේ ආර්ථික වර්ධනය 06% කින් පහළ යනු ඇති බවට පුරෝකතනය කර ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ලබන වසරද ඉතා අසීරුවෙන් ගෙවා දැමීමට සිදුවනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ සදහන් කළේය.
මෙරට ලබන වසරේදී රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වනු ඇති බවද වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේය.
ගෝලීය කුසගින්න සහ සාගතය මැයෙන් පැවති ජාත්‍යන්තර සමුළුවකට එක්වෙමින් මෙම කරුණු සඳහන් කළ වැඩබලන ජනාධිපතිවරයා අවධාරණය කළේ සමස්ත ලෝකයටම දැඩි බලපෑමක් වී ඇති යුක්රේන අර්බුදය ඉතා ඉක්මනින් අවසන් විය යුතු බවයි.
එරට යුද්ධය තවදුරටත් පැවතියහොත් තෙවැනි ලෝකයේ රටවල පුද්ගලයන් විශාල ප්‍රමාණයක් කුසගින්නේ මියයනු ඇති බවද රනිල් වික්‍රමසිංහ සදහන් කළේය.
ලොව බටහිර රටවල් විසින් රුසියාවට පනවා ඇති සම්බාධක හමුවේ වඩාත් අසරණ වී සිටින්නේ රුසියාව නොව තුන්වැනි ලෝකයේ දුප්පත් රටවල් බවද රනිල් වික්‍රමසිංහ සමුළුව අමතමින් සඳහන් කර ඇත.