මෙරට හෙට (09) දිනයේද ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදුනොකරන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ලිට්රෝ සමාගම සදහන් කළේ ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් අද මෙරටට පැමිණි නමුත් ඊට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක හිඟ මුදල හෙට (09) ගෙවීමට අපේක්ෂා කරන බවය.
නෞකාවේ ගෑස් දින 06ක කාලයක් සඳහා ප්‍රමාණවත් වන බව ලිට්රෝ සමාගම සදහන් කළේය.අත්‍යවශ්‍ය සේවා සඳහා කිලෝග්‍රෑම් 37.5 ගෑස් සිලින්ඩර සීමිත ප්‍රමාණයක් අදත් බෙදාහැරුණද ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් අද සිදුනොවුණේය.