මෙරට දැනට සිටින ආණ්ඩුකාරවරුන් වෙනුවට නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව වාර්තා වෙයි.දැනට සිටින ආන්ඩුකාරවරුන් බොහෝ දෙනෙකු ඉදිරි දින කිහිපයේදී ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.
මෙරට දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ දැනටමත් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.එක්සත් ජාතික පක්ෂයට සමීප කිහිපදෙනෙකුම නව ආණ්ඩුකාරවරුන් ලෙස පත් වනු ඇති බවද වාර්තා වේ.