රට තුළ ඇති වී තිබෙන ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම සලාක ක්රමයට සිදු කිරීමට රජයේ අවධානය යොමු ව ඇත.එක් පුද්ගලයෙකුට නිශ්චිත ඉන්ධන ප්රමාණයක් නිශ්චිත කාලයක් සදහා නිකුත් කිරීමට යෝජිත බව වාර්තා වේ.
මෙරටට ඉන්ධන ආනයනය සඳහා විදේශීය විනිමය හිගතාවය දැඩිව බලපා තිබෙන හෙයින් ඉන්ධන භාවිතය සීමා කිරීමේ අරමුණින් මෙසේ සලාක ක්රමයට ඉන්ධන බෙදාහැරීමට කටයුතු සලකා බලමින් සිටින බව වාර්තා වේ
වත්මන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාද පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ ඉන්ධන සඳහා සලාක ක්රමයක් සම්බන්ධයෙන් සලකා බැලීම රජය අතහැර නොමැති බවයි.
මෙම සලාක ක්රමයට ඉන්ධන බෙදා දිය යුතු බවට සාකච්ඡාවක් දැනට මාස ගණනාවක සිටම සිදුවෙමින් පවතින බව වාර්තා වේ.