එළවළු මිල තවත් ඉහළට.අමු මිරිස් රු.1200යි..බෝංචි රු.500යි.

රටේ වත්මන් ඉන්ධන අර්බුදය හමුවේ එලවළු ප්‍රවාහනයට ඉන්ධන නිකුත් නොකිරිම හමුවේ දේශිය වෙලදපොලේ එලවළු මිල යලිත් අධික ලෙස ඉහල ගොස් ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි සදහන් කළේය.

මෙරට නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹ මැනිං වෙලදපොල ඇතුළු දිවයිනේ විවිධ ආර්ථික මධ්‍යස්ථාන සහ සංචාරක හෝටල් වලට අවශ්‍ය එලවළු තොග ප්‍රවාහනය කිරිමට නොහැකි විම හමුවේ මෙසේ එලවළු මිල ඉහල ගොස් ඇත.

එලවළු හිගය හේතුවෙන් දේශිය වෙලදපොලේ නයි මිරිස් කිලෝවක් රු 1600 ,අමු මිරිස් රු 1200 , දේශිල අර්තාපල් රු 550 ,මාළු මිරිස් රු 850 , කරවිල් රු 600 ,බෝංචි රු 500 ,කැරට් රු 400 , වැටකොළු රු 370 ,නොකොල් රු 320 ,තක්කාලි රු 320 ,ගෝවා රු 360 ,ලික්ස් රු 280 ,බිට්රුඩ් රු 360 , බණ්ඩක්කා රු 360 ,රාබු රු 160 ක් වැනි සිල්ලර මිලකට අලෙවි කරයි.

Loading

Tell me 💬
Notify of
guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close