එරට රුසියානු ඒරෝෆ්ලෝට් ගුවන් යානය සම්බන්ධ සිදුවීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිසි මැදිහත් කිරීමක් සිදු නොකිරීම හේතුවෙන්,
ජාත්‍යන්තර අර්බූදයක් මතුවූ බවට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා කළ ප්‍රකාශයත් සමග පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෝපයට පත්ව බැන වැදී ඇති බවක් වාර්තා වෙයි.
ජනාධිපතිවරයා සදහන් කොට ඇත්තේ නොදන්නා දේ කතා නොකරන ලෙසත්, එය අධිකරණ කටයුත්තක් හේතුවෙන් තමන්ට මැදිහත් වීමේ සීමාවක් පවතින බවයි.
රැස්වීමේදී ජනාධිපතිවරයා එසේ දොස් පවරද්දී අනෙක් මන්ත්‍රීවරුන්ද ජගත් කුමාර මන්ත්‍රීවරයාට නොදන්නා දේ කතා නොකරන ලෙස කියමින් දොස් පවරා ඇති බව වාර්තා වේ.