පොදුජන පෙරමුණෙන් අග්‍රාමාත්‍යවරයෙකු ලෙස පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිතර ඉල්ලා සිටින බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය.
මෙරට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මේ බව සදහන් කළේය.
21 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ 69 ලක්ෂයක ජනතාවක් ඡන්දය ලබා දී බලය ලබාදුන් ජනාධිපතිවරයාගේ බලතල ලක්ෂ තුනක්වත් ඡන්දය නොමැති පුද්ගලයකු අතට පත්වීම ජන වරමට පටහැනි බවය.