මෙරට රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා වගා කටයුතුවලට යොමුවී ජනතාව ඒ සඳහා දිරිමත් කිරීම ඉතාමත් කාලෝචිත බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සදහන් කළේය.
පවතින අර්බුදකාරී තත්ත්වය මත ඉදීරියේදී ආහාර හිඟයක් මතුවීමේ අවදානමක් ඇති බව විද්වතුන් පෙන්නුම් කරදී ඇති පසුබිමක රටක් ලෙස මෙම තත්ත්වයට මුහුණදීමට සියලු දෙනා එක්ව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවත්,
රටේ තරුණ ප්‍රජාව මෙම කාර්ය සදහා සෘජුවම දායකකරගැනීම සදහා වූ විධිමත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමට තරුණ කටයුතු භාර සිය අමාත්‍යංශයේ වගකීමක් බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
මෙරට අවුරුදු 15 සිට අවුරුදු 29 දක්වා වයස් පරතරයේ පසුවන ලක්ෂ 50කට ආසන්න තරුණ තරුණියන් ඉලක්ක කර නව වැඩසටහන් දියත් කිරීම හරහා පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදී ඉදිරියේදී ඇතිවිය හැකි ව්‍යසනයන්ගෙන් රට මුදවා ගැනීමට කටයුතු කළ යුතු බව,
අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසුවේ ලක්ෂ 17කට වැඩි රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ට උද්ගතව ඇති අර්බුදකාරී තත්වය හමුවේ නිවසේ සිට රාජකාරි කිරීමට ලැබෙන දිනවලදී නිවසේ වගා කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතු බව.