මෙරට කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තය මේ දිනවල කාර්ය බහුල ස්වභාවයක් දරන බව ගුවන්තොටුපල නිලධාරියෙක් සදහන් කළේය.
විදේශ රැකියා සඳහා පිටව යන අයට රජයෙන් වැඩි පහසුකම් ලබා දීම මත වැඩි පිරිසක් විදේශ රැකියා සඳහා පිටවීම, අධ්‍යාපන කටයුතු සඳහා සිසුන් පිටත් වීම, විදේශ සංචාරකයන් තම රට වලින් සිදුවන කැඳවීම අනුව ආපසු යාම බවත් එම නිලධාරියා සදහන් කළේය.
එරට දීර්ඝ කාලීන පදිංචිය සදහා විදේශගත වන පිරිස්වලද යම් ඉහල යාමක් ඇතැයිද නිලධාරියා සදහන් කළේය.