මෙරට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්රයට සම්බන්ධව සිටින ලක්ෂ 3 කට වැඩි පිරිසකගේ රැකියා මේ වන විටත් අහිමි වී ඇති බව ඉදිකිරීම් කර්මාන්ත වාණිජ මණ්ඩලයේ සභාපති රන්ජිත් ගුණතිලක සදහන් කළේය.
මෙරට ඉදිකිරීම් ක්ෂේත්රයට බලපා ඇති ගැටලු තවත් සති දෙක තුනක් ඇතුළත විසඳීමට පියවර නොගතහොත් තවත් ලක්ෂ 2 කට අධික පිරිසකට රැකියා අහිමි වනු ඇතැයි සභාපතිවරයා සදහන් කළේය.
ඉදිකිරීම් කර්මාන්ත සභාපතිවරයා සඳහන් කරන ලද්දේ කඩා වැටෙමින් පවතින ඉදිකිරීම් ක්ෂේත්රය ආරක්ෂා කරගැනීමට නම් ඉන්දියාවෙන් හෝ චීනයෙන් ලබාගන්නා ණය පහසුකමක් (Credit Line) හරහා අමුද්‍රව්‍ය සැපයීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව.