මෙරට බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ මන්ත්රී ධුරය සඳහා ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම වෙත භාර දුන් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සදහන් කළේය.
ධම්මික පෙරේරා ඔහුට අයත් සියලු සමාගම්වල අධ්යක්ෂ මණ්ඩල තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. මේ වන විටත් ඊට අදාල සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව වාර්තා වෙයි.
යම් හෙයකින් ධම්මික පෙරේරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසුනහොත් අධිකරණය ඉදිරියේ එම පත් වීම අභියෝග කිරීමට හැකි බව නීති විශාරදයන් පෙන්වා දී ඇතත්,
මෙම ව්යාපාරික ධම්මික පෙරේරා එම අභියෝගයටද මූණ දීමේ සූදානමින් පාර්ලිමේන්තුවට පිවිසීමට තීරණය කර ඇති බව වාර්තා වෙි.