මෙරට එළඹෙන 20 වනදා සිට 24 වනදා දක්වා සතිය තුල පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරයි.
මෙරට ප්‍රාදේශීය මට්ටමින් අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල්හි සිසුන්ට ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ප්‍රවාහන අපහසුතා බල නොපාන තත්ත්වයන් යටතේ එම පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමට පළාත් අධ්‍යාපන බලධාරීන්ට අවසර ලබාදීමටයි තීරණය කරයි.
යම් පාසලක පැමිණීමට නොහැකිවන සිසුන් සහ ගුරුවරුන් සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේදී එම තත්ත්වය මත ද පාසල පවත්වාගැනීමට හැකියාවක් පවතින්නේ නම් ඒ සඳහා විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යාපන අධ්යක්ෂ සමග සාකච්ඡා කර සිදුසු පියවර ගැනීම සඳහා අවසර ලබාදෙයි.
මෙරට පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් මගින් පළාත්වල කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂවැරන්ගෙන් ද විදුහල්පතිවරුන්ගෙන් ද ලබාගත් අදහස් මෙම තීරණ ගැනීමේදී අවධානයට යොමු කළ බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේය.