ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන් වෙන් වී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය නැවත එකට එක් වීමේ සූදානමක් පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා මුල් වරට අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සංවාදයක් අතරතුර හෙළිකරයි.
මෙරට ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතා අරගලය වෙනුවෙන් එකට එක්වනු දැකීම සමාජය තුළ ප්රගතිශීලී වෙනසක් බලාපොරොත්තු වන ජනතාවගේ පැතුම සහ ඉල්ලීම වී ඇති බවද කුමාර් ගුණරත්නම් මෙහිදී සදහන් කරයි.
මෙරට ගෝල්ෆේස් අරගලය සහ 05/09 ප්රහාර මාලාව පිළිබඳව ද අදහස් රැසක් දක්වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා එම ප්රහාර මාලාව ආණ්ඩුවේ අනුදැනුම මත ක්රියාත්මක වී ඇති අයුරුද මෙම සාකච්ඡාවේදී පැහැදිලි කරයි.