විදුලිබල ව්‍යාපෘතියකට ඉන්දීය මෝදි රජය විසින් කරන ලදැයි කියන ඇඟිලි ගැසීම් සම්බන්ධයෙන් කොංග්රස් නායක රාහුල් ගාන්ධි දැඩි විවේචනයක් එල්ල කරයි.
රාහුල් ගාන්ධි සිය නිල ට්විටර් ගිණුමට සටහනක් තබමින් කියා සිටියේ ‘BJP හි ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට පැමිණ ඇත’ ලෙසටයි.
ඉන්දීය ගෞතම් අදානිගේ සමාගමට සුළං බල ව්‍යාපෘතිය ලබා දෙන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි බලපෑම් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමාට පැවසූ බවට ශ්‍රී ලංකාවේ විදුලි බල මණ්ඩල සභාපති චෝදනා කර ඇතැයි ඔහු ට්විටර් ගිණුමේ සදහන් කරයි.
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ සිකුරාදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉදිරියේ මෙම චෝදනා ඉදිරිපත් කළ නමුත් පසුව ඔහු එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගනී.