මෙරට දැවි තෙල් සහ පෙට්‍රල් තොගයක් රැගත් නෞකා දෙකක් ඊයේ (21) මෙරටට පැමිණ ඇත.විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරයි.
අදාළ ඉන්ධන ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගොඩබෑමේ කටයුතු ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.ඉන්ධන තොගයට අයත් දැවි තෙල් තොගය බලශක්ති උත්පාදන කටයුතුවලට හා කර්මාන්ත ශාලාවලට මුදා හැරීමට නියමිතව ඇත.