මෙරට රජය විසින් පනවා ඇති ආනයන සීමා කිරීම් හේතුවෙන් සහ පසුගිය දිනවල සිදුකරන ලද බදු ඉහළ දැමීම හේතුවෙන් නුදුරේදීම ස්මාර්ට් ජංගම දුරකථනයක අවම මිල රුපියල් අසූදහස, අනූදහස සීමාව දක්වා පැමිණෙනු ඇතැයි ජංගම දුරකථන අලෙවිකරුවෝ සදහන් කරයි.
පසුගිය සමයේ රුපියල් විසිදාහට පමණ පැවති ස්මාර්ට් ජංගම දුරකථනයක මිල මේ වනවිට රුපියල් පනස්දාහේ සීමාව ඉක්මවා ඇති බව අලෙවි කරුවෝ සදහන් කරයි.
මීට සාපේක්ෂව ජංගම දුරකථන උපාංගවල මිල ගණන්ද විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් පාරිභෝගිකයන් ජංගම දුරකථන මිලදී ගැනීමෙන් ඉවත්වෙමින් ඇති බව වාර්තා වේ.
මේ වනවිටත් ජංගම දුරකථන අලෙවිසල් බොහෝ ප්‍රමාණයක් වැසී ගොස් ඇති අතර ඇතැම් දිනවලදී කිසිදු ගැනුම්කරුවකු නොපැමිණෙන තත්ත්වයට ව්‍යාපාරය පත්ව ඇති බව ව්‍යාපාරිකයෝ සදහන් කරයි.