මෙරට නියමු ව්‍යාපෘතියක් ලෙස ත්‍රිරෝද රථ සහ ජෙනරේටර් අවශ්‍යතා සඳහා ජංගම ඉන්ධන බෙදා හරින්නන් මගින් ඉන්ධන සැපයීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේය.
ත්‍රිරෝද රථ, භාණ්ඩ බෙදා හරින යතුරුපැදි සහ කෑන් සඳහා ඉන්ධන පිරවුම්හල්වලින් බැහැරව විවෘත අවකාශයන්හි ඉන්ධන ට්‍රක් රථ මගින් ඉන්ධන ලබා දීම සිදු කෙරෙනු ඇති බව කංචන විජේසේකර සදහන් කළේය.
තවදුරටත් සදහන් කළේ, එම වැඩපිළිවෙළ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කළේය.

