පිරවුම්හල් අසල ඉන්න එපා.ඉන්ධන දෙන්නේ නෑ.ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්.

මෙරට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටින ලෙස නැවතත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේ, සිපෙට්කෝ ඉන්ධනහල් වෙත ඉන්ධන නිකුත්කරනු ලබන්නේ පෝලිම්වල රැඳී සිටින පිරිස් ඉවත්වීමෙන් අනතුරුව බවයි.

ඉන්ධන ලබාගැනීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍රය අනිවාර්ය බවත් වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය අනුව වාහන හිමියන්ට ඉන්ධන ලබාගත හැකි බවත් අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේය.

මෙම නව ක්‍රමවේදය ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බවත් අනතුරුව සෑම වාහනයකටම සතියකට සෑහෙන ඉන්ධන කෝටාවක් ලබාදෙන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close