මෙරට දඹුල්ල කණ්ඩලම කුඹුක්කඳන්වල දුන්න බිඳුනු වැවේ මව පියා සමග දිය නාමින් සිටි වයස අවුරුදු 07 ක කුඩා පිරිමි දරුවෙකු අද (15) පස්වරුවේ කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි සිගිරිය පොලිසිය සදහන් කළේය.
මෙම කිඹුලා විසින් ඩැහැගෙන ගිය පිරිමි දරුවා සොයා පොලිසිය ජීවිතාරක්ෂක නිලධාරීන් මෙන්ම ගම්වාසීන් එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
කිඹුලා විසින් ඩැහැගෙන ගොස් ඇත්තේ කුඹුක්කඳන්වල ප්‍රදේශ්යේ පදිංචි දඹුල්ල කණ්ඩලම ඩී එස් සේනානායක විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චනුත් සත්සර නැමැති දරුවෙකි.
මෙහි ගම්වාසීන් සදහන් කළේ මෙම වැවේ කිඹුලන් හය දෙනකු සිටින බවත් ගමේ බොහෝ දෙනෙකු කිඹුල් ප්‍රහාර වලට ලක් වූ බවය.