මෙරට රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපතිවරයා ලෙස කිසිසේත්ම පිළිගත නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කළේය.අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පෙන්වා දෙන්නේ පැසිස්ට්වාදී රනිල් වික්‍රමසිංහ පන්නා දැමිය යුතු බවය.
වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ කිසිවෙකුත් පිළිනොගන්නා තත්ත්වයක් යටතේ වික්‍රමසිංහ ජනාධිපති බලතල ආරෝපණය කරගෙන කටයුතු කරන්නට ගියහොත් ඉතා නරක තත්ත්වයක් ඇතිවනු ඇතැයි ද පුබුදු ජයගොඩ සදහන් කළේය.
මෙරට රනිල් වික්‍රමසිංහ හරහා පැමිණීමට නියමිතව ඇත්තේ දේශපාලන ස්ථාවරත්වයක් නොව සිවිල් යුද තත්ත්වයක් බවද පුබුදු ජයගොඩ හෙතෙම සඳහන් කළේය.වික්‍රමසිංහ නිසා ලංකාවට විදෙස් හමුදා අත පෙවීමක් ඇති විය හැකි බවද පුබුදු ජයගොඩ සදහන් කළේය.
මෙරට පෙරටුගාමී සමාජවාදී පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී වික්‍රමසිංහ නිසා ලංකාවට විදෙස් හමුදා අත පෙවීමක් ඇති විය හැකි බවද පුබුදු ජයගොඩ මෙම අදහස් පළ කළේය.