මෙරට ලංකා ඛනිජ සංස්ථාවේ බෙදුම් හල්වලින් සීමාවන්ට යටත්ව අද දින සිට ඉන්ධන බෙදාහැරීම සිදු කළේය.පෙර දැනුම් දී ඇති පරිදි වාහන අංකයේ අවසන් ඉලක්කමට අදාල දිනය සඳහන් වාහන වලට ඉන්න බෙදාහරින්නේ එම වාහන වර්ගයට අදාල ඉන්ධන ප්‍රමාණය වෙි.
මෙරට වාහන කාණ්ඩ අනුව ඉන්ධන නිකුත් කරන සීමාවන් මෙන්න.
යතුරු පැදි – රුපියල් 1500
ත්‍රී රෝද – රුපියල් 2000
අනෙකුත් වාහන – රුපියල් 7000
අග ඉලක්කම අනුව සතියේ දින බෙදා දී ඇති දිනයන් මෙන්න.
0, 1, 2 – අඟහරුවාදා සහ සෙනසුරාදා
3, 4, 5 – බ‍්‍රහස්පතින්දා සහ ඉරිදා
6, 7, 8, 9 – සඳුදා, බදාදා සහ සිකුරාදා
මෙරට බලශක්ති අමාත්‍යාංශය දැඩිව අවධාරණය කර සිටියේ අද දිනයේ පටන් ඉන්ධන ලබා දෙන්නේ වාහනයේ අංකයේ අවසන් ඉලක්කම අනුව පමණක් බවත් සෙසු වාහන ඉවත් කරන ලෙස ආරක්ෂක අංශවලට දැනුවත් කර ඇති බවයි.
බලශක්තිය අමාත්‍යාංශය විසින් අද කොළඹ ඉන්දන පිරවුම්හල් කිහිපයක නියමු ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්ම කරන ලද ජාතික ඉන්ධන බලපත්‍රය ක‍්‍රමය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇත.