පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බලහත්කාරය පාමින්, රාජකාරියට බාධා කොට, පහර දීමට තැත් කිරීමට අදාළ සැකකරු වන රවිඳු වෙදආරච්චි හා සැකකාරිය වන නෙත්මි හරින්දි ද සිල්වා යන අය අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලීසිය සදහන් කරයි.
මෙරට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, සැකකරුවන් ගමන් කළ කැබ් රථය අද (03) දහවල් මාතර, කඹුරුගමුව ප්‍රදේශයේදී මාතර විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබ ඔවුන් භාරයට ගනී.
මෙම සැකකරුට සහ සැකකාරියට රැකවරණය, නවාතැන් ලබා දුන් මාතර, බතලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන වීරකැටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව සදහන් කරයි.
වීරකැටිය පොලිසිය අවධාරණය කළේ, සැකකරුවන් සඳහා රැකවරණය හා නවාතැන් ලබා දෙන පුද්ගලයින් වෙතොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.