රජයේ සේවකයින්ට සිකුරාදා නිවාඩු දෙන්න යන හේතුව මෙන්න.

මෙරට රජයේ සේවකයන්ට සිකුරාදා දිනවල රැකියාවෙන් නිවාඩු ගෙන ගෙවතු සහ අනෙකුත් ඉඩම් වගා කිරීමේ විකල්පය ලබා දීමේ යෝජනාවක් රජය සලකා බලමින් සිටින බව වාර්තා වෙයි.

ඒ සිකුරාදා දින රැකියාවෙන් ඉවත් වීමට කැමති රාජ්‍ය සේවකයින්ට තම ගෙවත්තේ හෝ වෙනත් ඉඩම්වල ආහාර වගා කිරීමට නිවාඩු දිනය යොදා ගැනීම සහතික කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුයි.

යෝජනාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ඇති බවත් එය කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් දැනගන්නට ඇත.සිකුරාදා දිනයේදී ඇතැම් කාර්යාල අවම කාර්ය මණ්ඩලයකින් ක්‍රියාත්මක විය හැකි බැවින් මෙම යෝජනාව සලකා බලයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close