පොලිස් මාධ්‍ය ප්‍රකාශක දැනුම්දීමක් කරයි.

මෙරට ජනාධිපතිවරයෙකු තොරාපත් කර ගැනිම සදහා අද (20) දින රහස් ඡන්දය පාර්ලිමේන්තුවේදි පැවැත්වේ.අද දිනයේද දැඩි ආරක්ෂාවක් යොදවා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ පොලිස් විශේෂ කාර්යා බලකාය ඇතුළු ආරක්ෂක අංශ ඒකබද්දව පාර්ලිමේන්තුව අසල ආරක්ෂාව තරකර ඇති බවයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සදහන් කළේ,

පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කරලයි තියෙන්නේ.ශ්‍රී ලංකා පොලීසිය ,විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව ආරක්ෂක කටයුතු සිදුකරයි.

විශේෂයෙන්ම පොල්දුව මංසන්ධිය ඒ අසල මාර්ගය වසා තැබෙනවා පාර්ලිමේන්තුව පැවැත්වෙන කාල සීමාව තුළ.නමුත් එම ප්‍රදේශවල පදිංචි නිවැසියන්ට ජයන්තිපුරා මාවත භාවිත කල හැකිය ඒ කාලසීමාව තුළ ගමන් බිමන් යාමට.

කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලත් ශ්‍රී ලංකා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවත් යොදවලා ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close