මෙරට එක් පුද්ගලයෙකුට රු. 11,219 කින් මාසයක් ජීවත් විය හැකි යැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි.ලංකාවේ දිස්ත්‍රික්ක අනුව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ මැයි මාසය සඳහා ප්‍රකාශයට පත්කළ නිල ජාතික දරිද්‍රතා සීමා දත්ත හා තොරතුරුවල මේ බව සඳහන් වෙයි.
සිය 04 දෙනකුගෙන් යුත් පවුලක් සඳහා මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට මාසයකට අවශ්‍ය අවම වියදම රුපියල් 44,876ක මුදලක් වේ.පසුගිය 2012 සහ 2013 වසරේදී මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ජාතික මට්ටමින් එක් පුද්ගලයකුට වැයවන මුදල රුපියල් 5,223 ක් ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්තවල සඳහන් වේ. කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් එන එක් පුද්ගලයෙකුට වැයවන මුදල රුපියල් 5,429ක් ද වන බව සදහන් වේ.