රට තුළ පවතින ඩිසල් හිගය හා ඉන්දන මිල ඉහල යාමත් සමග රට මැද ප්රදේශවල මාළු මිලද දැඩි ලෙස ඉහල යාමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
කෙළවල්ලා, තලපත් මාළු කිලෝව රුපියල් 2800 දක්වා ඉහල ගොස් ඇති අතර ඇටවල්ලා, බලයා, බොල්ලා, කිලෝව රුපියල් 1200ත්, අලගොඩුවා, ලින්නා කිලෝව රුපියල් 1100ත් සාලයා කිලෝව රුපියල් 600ත් වැනි මිලකට අලෙවි වේ.
පාරිභෝගික ජනතාව සදහන් කරන්නේ මාළු මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත් සමග තමන්ට මාළු කැමට නොහැකි තත්වයක් පවතින බවය.වෙළදුන් සදහන් කළේ ඉන්දන හිගය මෙන්ම ඉන්දන මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මාළු මිල ගනන්ද මෙසේ ඉහල ගොස් ඇති බව.