මෙරට ටයර් හිඟයෙන් අඩපණ වී තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් ධාවනය එළඹෙන සඳුදා සිට සාමාන්‍ය පරිදි යළි ධාවනය කරන බව ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්.පණ්ඩුක ස්වර්ණහංස සදහන් කළේය.
පවතින ඩොලරයට සාපේක්ෂව ටයර් මිල ඉහළ යාමත් සමග ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ සඳහා ටයර් සපයන සමාගම ප්‍රසම්පාදන ගිවිසුමෙහි එකඟ වූ මිලට වැඩි මිලක් ඉදිරිපත් කිරීමත් සමග ටයර් මිලදී ගැනීම මාසයකට වැඩි කාලයක් පමා වී තිබුණේය.
එහෙත් එම ටයර් සමාගම ඉදිරිපත් කළ මිලටම ටයර් මිලදී ගැනීම භාණ්ඩාගාර අනුමැතිය ලැබීමත් සමග ටයර් මිලදී ගැනීම සිදුකරයි. ඊයේ සිට ඩිපෝවලට ටයර් බෙදාහැරීමද ආරම්භ කර ඇත.