එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවටත් රටට ප්‍රකාශ කළ වියත් මග කණ්ඩායම මේ වනවිට ජනාධිපතිවරයා විවේචනය කරමින් නව පක්ෂයකින් ඉදිරි මහ මැතිවරණයේදී තරග වැදීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙයි.
මෙම වියත්මග නියෝජනය කළ කණ්ඩායම බිහිවීමට නියමිත නව පක්ෂයේ නියෝජිතයන් සමග දැනටමත් සාකච්ජා ආරම්භ කොට ඇති බව වාර්තා වේ.
එක් පියවරක් ලෙස දැනටමත් මෙම කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විවේචනය කිරීමටත්, සමාජ මාධ්‍ය ජාලා හරහා ඊට විශාල ප්‍රසිද්ධියක් ලබා දීමටත් සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මෙරට පසුගිය දිනෙක වියත් මගේ නිර්මාතෘවරයා වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කර තිබුණේ එහි ප්‍රතිපලයක් ලෙසටයි.
අමතිකම් සදහාම වසර ගණනාවක් පුරා විවිධ පක්ෂවලට සම්බන්ධ වූ පුද්ගලයන් රැසක්ම මෙම නව දේශපාලන පක්ෂයට සම්බන්ධ වී නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමටත්, කුමන හෝ පක්ෂයකින් ඇමැතිකමක් ලබා ගැනීමටත් තින්දු කර ඇති බව වාර්තා වේ.