මෙරට මාස 3ක කාලයක් ඇතුළත ඩොලරය රුපියල් 300 ප්රමාණයට රැගෙන එන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සදහන් කරයි.ඊයේ දින පොහොට්ටුවේ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේ මහබැංකු අධිපතිවරයා මේබව ප්රකාශ කර ඇත.
මෙරට පවතින වත්මන් ආර්ථික තත්ත්වය පිළිබද විමසීම සදහා මහබැංකු අධිපතිවරයාටද මෙම රැස්වීමට පැමිණෙන ලෙස දැනුම් දීමක් කර ඇත.මීට පෙර අගමැති රනිල් වික්රමසිංහ මහතා කියා සිටියේ ඩොලරය රුපියල් 450 දක්වා ඉහළ යනු ඇති බවයි.