මෙරට උග්‍ර අහාර හිඟය හා අධික ලෙස මිල ඉහළ යාම නිසා ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ අහාර සුරක්ෂිතතාව තවදුරටත් පිරිහෙනු ඇතැයි ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ අහාර හා කෘෂිකර්ම සංවිධානයේ නවතම වාර්තාවක් අනතුරු අඟවයි.
ඒ අදට යෙදී ඇති ලෝක ආහාර සුරක්ෂිතතා දිනයට සමගාමීව ඔවුන් නිකුත් කළ මේ වාර්තාවේ දැක්වෙන්නේ, ආදායම් අඩුවීම හා ආහාර මිල වැඩිවීම ප්‍රමාණවත් ආහාර වේලක් ලබා ගැනීමට බලපෑමක්වී ඇති බව.මේ වාර්තාව නම් කර ඇත්තේ ලෝකයේ කුසගින්න සම්බන්ධයෙන් ඇති අවදානම් රටවල් හා ඉදිරි මාස තුනක කාලයේ,
උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයක් ඇතිවීමට ඉඩ ඇති රටවල් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් වාර්තාව ලෙසටයි.අහාර වියදම ඉහළ යාම, තෙල් සහ ආනයනික භාණ්ඩ සැපයුම් ක්‍රියාවලිය අඩාලවීම හා ඒවායේ මිල ඉහළ යාම මෙන්ම විනිමය අනුපාත දුර්වලවීම නිසා 2022 වසරේ ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉතා ඉහළ මට්ටමකට පත්වනු ඇතැයි වාර්තාවේ සදහන්ය.
මේ හේතුවෙන් ජුනි සහ සැප්තැම්බර් කාල සීමාවේදී ශ්‍රී ලංකාවේ අහාර අඩු වනු ඇති බව සදහන් ය.වැඩිම අස්වැන්නක් ලබාදෙන මහ කන්නයේ අපේක්ෂා කළ අස්වැන්න සාමාන්‍ය අගයටත් වඩා අඩුවී ඇති අතර ඊට ප්‍රධානම හේතුව 2021 අප්‍රේල් සහ නොවැම්බර් අතර කාල සීමාවේ රසායනික පොහොර හා කෘමි නාශක තහනම් කිරීම බව ද සඳහන් ය.
ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ අහාර හා කෘෂිකර්ම සංවිධානය සිය වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අර්බුදයෙන් මිදීමට වහා ගතයුතු ක්‍රියාමාර්ග ද නිර්දේශ කර ඇත.වහාම ජාත්‍යන්තරයෙන් රසායනික හා කාබනික පොහොර සඳහා ආධාර ලබාගැනීම.