මෙරට චීන තානාපති කී සොන්හොංග් මැතිතුමා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් අද දින (10) පොළොන්නරුව, නවනගරය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිවසේදී පැවත්විණ.
තානාපතිවරයා තම නිවසට පැමිණීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් පුද කළ මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඓතිහාසික වටිනාකම සහ එහි වැදගත්කම පිළිබඳව තානාපතිවරයා වෙත කරුණු පැහැදිලි කළේය.
චීනය දශක කිහිපයක සිට ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චීන රජය වෙත විශේෂ ස්තුතිය පල කළේය.
පොළොන්නරුවේ ඉදිකරන ලද දකුණු ආසියාවේ විශාලතම වෘක්කවේද රෝහල පරිත්‍යාගයක් ලෙස ලබාදීම සම්බන්ධයෙන් ද මෛත්‍රීපාල සිරිසේන චීන ජනාධිපතිවරයා වෙත සහ චීන රජය වෙත තම ප්‍රසාදය පළ කරයි.
පාලන කාලය තුළ චීනය සමග ඉතා සුහදශීලීව කටයුතු කිරීමට හැකිවූ බවත්, එමගින් ශ්‍රී ලංකාව වෙත චීනයේ උදව් උපකාර විශාල වශයෙන් ලබාගැනීමට හැකිවූ බවත්, හිටපු ජනාධිපතිතුමා චීන තානාපතිවරයා වෙත ප්‍රකාශ කරයි.
ඇති වූ රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් මැතිතුමා වෙත යොමු කල ලිපිය සම්බන්ධයෙන් චීන තානාපතිවරයා ප්‍රසාදය පළ කර ඇත.
වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයකු වශයෙන් මේ මොහොතේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මගහරවා ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන සක්‍රීය දායකත්ව අත්‍යාවශ්‍ය බව.
ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම චීන රජයේ අභිප්‍රාය බව චීන තානාපතිවරයා සදහන් කළේය.

