මෙරට සියලූම ගල් අගුරු බලාගාර පූර්ණ ධාරිතාවය ජනනය කර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ වෙමින් පවතින බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කළේය.
කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ කෙසේ වෙතත් පැවති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හමුවේ ජල විදුලි බලාගාර කිහිපයක් අක්‍රීය වී ඇති බවය.
මෙරට කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන බලාගාර ද එලෙස ක්‍රියා විරහිත වී විදුලි උත්පාදනය නතර වී ඇති බවද සභාපතිවරයා සදහන් කළේය.