මෙරට ඉදිරි සති කිහිපය ඇතුළත ඩොලර් සගවාගෙන සිටින පිරිස් සොයා මෙහෙයුම් ආරම්භ කිරීමට මහබැංකුව තීරණය කොට ඇති බව වාර්තා වෙි.
මෙරට මහ බැංකුවේ අදහස වී ඇත්තේ ඇතැම් වෘත්තිකයන් කළු වෙළෙදපොළෙන් (Black Market) ඩොලර් ලබාගෙන මෙසේ සගවාගෙන සිටින බව.
ඉදිරි සති කිහිපය ඇතුළත මෙසේ ඩොලර් සගවාගෙන සිටින පිරිස් සොයා මෙහෙයුම් ආරම්භ කිරීමටත්, ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්රියාමාර්ග ගැනීමටත් මහ බැංකුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.