රටේ මේ වනවිට පුරප්පාඩු වී ඇති විධායක ජනාධිපති ධුරයට තරග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළේ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්ය.
එහි දැක්වෙන්නේ ඡන්දය මන්ත්‍රීවරුන් 225කට සීමාවී ඇති බවත් බහුතරය ගෝඨාභය රාජපක්ෂ පාශ්වය සතු බවත්ය.
කෙසේවෙතත් සත්‍ය ජයගනු ඇතැයි තමන්ගේ දැඩි විශ්වාසය බව ද සජිත් ප්‍රේමදාස තැබූ ට්විටර් සටහනේ දැක්වෙයි.
