මෙරට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ දේශපාලන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.ඊට හේතු වී ඇත්තේ පොදුජන පෙරමුණේ නායකයා වන මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු දේශපාලන කටයුතු වලින්ද ඈත් වී සිටීම බව වාර්තා වේ.
මේ වනවිට මහින්ද රාජපක්ෂ පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් මුණ ගැසීම ඉතාම සීමා කර ඇති බවද වාර්තා වේ.මේ හේතුවෙන් තම ගැටළු සාකච්ඡා කිරීම සඳහා පොදුජන පෙරමුණෙන් මන්ත්රීවරුන් බොහෝ පිරිසක් තෝරාගෙන ඇත්තේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ වේ.
මෙරට දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ මින් වැඩි පිරිසක් ඉතා ඉක්මනින් රනිල් වික්රමසිංහගේ දේශපාලනය සමග නිල වශයෙන් ඒකාබද්ද වනු ඇති බවයි.