මෙරට තමන් ජනාධිපති ධුරය සඳහා තේරී පත් වුවහොත් නිශ්චිත වශයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.
එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් නොකරන බවද ඩලස් අලහප්පෙරුම සඳහන් කර ඇත.අරගල කරමින් සිටින ජනතාව රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කරන ලෙස එවන් අයෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට තමන් කිසි විටෙක සූදානම් නැති බවත් අලහප්පෙරුම සදහන් කර ඇත.
මෙරට ගොඩනගන සර්වපාක්ෂික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂය නියෝජනය කරන අයෙකුට ලබා දිය යුතු බවද ඩලස් අලහප්පෙරුමගේ අදහස වී ඇත.පොදුජන පෙරමුණ මන්ත‍්‍රී පිරිසක් සමග පැවති සාකච්චාවකදී අලහප්පෙරුම මෙම අදහස් පල කර ඇත.