මෙරට ලාෆ් සමාගම සඳහා ගෑස් රැගත් නෞකාවක් අද දිවයිනට ළඟා වීමට නියමිතව ඇත.සමාගම සඳහන් කළේ එහි ගොඩබෑම් සිදු කිරීමෙන් අනතුරුව ලාෆ් ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
ලිට්රෝ සමාගම සඳහන් කළේ ගෑස් මෙට්රික් ටොන් 2,500ක් රැගත් නෞකාවක් හෙට මෙරටට ළඟා වීමට නියමිත බවයි.එහි ගොඩබෑම් අනිද්දා සිදු කිරීමෙන් පසු ලබන අඟහරුවාදා පමණ වන විට බෙදාහැරීම් ආරම්භ කිරීමට හැකි වනු ඇති බව සදහන් කළේය.
ලිට්රෝ ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි ලිට්රෝ සමාගම ජනතාවට දැනුම් දෙයි.