මෙරට පානදුර ගෑස් පෝලිමේ ඊයේ රාත්රි සිට රැදී සිටි පුද්ගලයකු අද උදෑසන පානදුර ගඟේ මුහුණ සෝදා ගැනීමට ගොස් ගඟට වැටී අතුරුදහන්ව ඇති බවට වාර්තා වෙයි.
මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් පානදුර ජීවිත ආරක්ෂක නිලධාරීන් ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.