මෙරට මහ බැංකු අධිපති ධුරයේ වසර හයක පූර්ණ ධුර කාලයක් කටයුතු කිරීමට තමන් කැමැත්ත පළකර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කළේය.මෙරට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගේ ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වූ මහ බැංකු අධිපති ධුරයට නන්දලාල් වීරසිංහ පත් කළේය.
බීබීසී පුවත් සේවය සිදුකළ විමසීමක දී නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ මහ බැංකු අධිපති ධුරය භාරගැනීමට කැමැත්ත පළකිරීමේ දී මාස දෙකක් සේවය කර පිටව යාමේ අපේක්ෂාවක් තමාට නොතිබූ බවය.එසේ වූයේ නම් තමා එම ධුරය භාර නොගන්නා බවද රට තුළ පවතින්නේ මාස දෙකකින් විසඳිය හැකි අර්බුදයක් නොවන බව ද නන්දලාල් වීරසිංහ එහිදී සඳහන් කර ඇත.
අධිපතිවරයා එහිදී පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සෙසු පාර්ශවකරුවන්ගේ සහය ලබාගැනීමේ තීරණය ප්‍රමාදයකින් තොරව ලබාගත්තේ නම් රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මඟහරවා ගැනීමට හැකිව තිබූ බවයි.ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය ද මීට වසරකට පමණ පෙර ආරම්භ කළ යුතුව තිබූ අතර එම තීන්දු තීරණ ප්‍රමාද කිරීම වරදක් බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
මෙරට මේ වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගෙන් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 05ක සහයක් අපේක්ෂා කරයි.සාකච්ඡා කිරීම සඳහා මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ලබන සඳුදා දිනයේ මෙරටට පැමිණීමට නියමිත අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද එම සාකච්ඡාවල ප්‍රධාන නියෝජිතයෙකු ලෙස සහභාගී වීමට නියමිතව අත.